Sunday, May 27, 2012

අසංකගේ පඳුරු මැඩියා Asanka's shrub frog Pseudophilautus asankai

අසංකගේ පඳුරු මැඩියා 
අසංකගේ පඳුරු මැඩියා
Asanka's shrub frog
 
Pseudophilautus asankai (මනමේන්ද්‍ර-ආරච්චි &පෙතියාගොඩ, 2005)
වර්ණ කිහිපයකින් දැකිය හැක. ශරීරය පෘෂ්ඨීයව අළු, ලා නිල්, ලා කොළ හෝ ලා දුඹුරු පැහැතිය. තැනින් තැන තද පැහැති පැල්ලම් දැකිය හැක. කලාතුරකින් ඇතැම් සතුන්ගේ ශරීරයේ දෙපසින් සුදු පැහැ තීරු දෙකක්ද දැකිය හැක. ඇඟිලි ලා කහ පැහැතිය. උදරීය වර්ණයද දීප්තිමත් ලා කහ පැහැය වේ. අසංකගේ පඳුරු මැඩියා ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත ආගර පතන, මස්කෙළිය, මරේ වතු යාය, හපුගස්තැන්න වැනි ප්‍රදේශ කිහිපයකින් පමණක් වාර්තාවේ. වනාන්තර තුල මෙන්ම ගෙවතු සහ තේ වතු ආශ්‍රිතවද හමුවේ. නමුත් මෙම ප්‍රදේශ වල සිදුවන තේ වගාවේදී සහ ගෙවතු වල එළවලු වගාවන් කෙරෙහි යොදනු ලබන වල් නාශක සහ කෘමි නාශක වැනි රසායනික ද්‍රව්‍ය වල අහිතකර බල පෑම නිසා මෙම පඳුරු මැඩි විශේෂය පමණක් නොව අනෙකුත් ශ්‍රී ලංකාවට ආවේනික බොහෝ පඳුරු මැඩි විශේෂ සැලකිය යුතු ප්‍රමාණයක් මුළු ලොවින්ම වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇත. පරිසර සමතුලිත තාවය කෙරෙහි නිහඬ මෙහෙයක් සිදු කරන ඉතාමත් විසිතුරු වර්ණයන්ගෙන් යුත් සිත් ඇදගන්නා සුළු මෙම පඳුරු මැඩි විශේෂ අප රටේ අනන්‍යතාවය විදහාපාන මිල කල නොහැකි උරුමයන් වේ. කෙටි කාලීන වාසි තකා මෙවන් රටේ වටිනා උරුමයන් වැනසීමට නොදී කෘතීම රසායනික භාවිතයට පෙර විකල්ප ස්වාභාවික පලිබෝධ නාශක භාවිතය පිළිබඳව දෙවරක් සිතන්න.



කතෘ: දුශන්ත කන්ඩම්බි